YouTube watch time එක පැය 4000 ඉක්මවමින් ඔයාගෙ channel එකත් මුදල් උපයන channel එකක් බවට පත් කරගැනීම සඳහා හොඳමඋපක්‍රම 10


ඇත්තටම, YouTube එකේ නැරඹුම් කාලය පැය 4000 ඉක්මවනව කියන්නෙ ගොඩක් තීරණාත්මක කටයුත්තක් කියල මෙම ලිපියකියවන ඔබ දන්නවා. බොහෝ විට එය ඉතා අපහසු කටයුත්තක් වන අතර, සමහරවිට මෙම නැරඹුම් කාලය පැය 4000 ඉක්මවීම සඳහා වසරක් හෝ ඊට වැඩි කාලයක් ගත වෙන්න පුළුවන්. කොහොම උනත්, watch time ළඟා කරගැනීම අපහසු වුවත්, ළඟා කරගැනීමඅවසානයේදී එය ඉතාමත් වටිනවා කියල, YouTube භාවිතා කරන අපි හැමෝම දන්නවා. ඔයා මෙම ඉලක්කයට ළඟා වුණාට පස්සේ, YouTube partner program ඔස්සේ වෙළඳ දැන්වීම් භාවිතා කරලා මුදල් උපයන්න ඔබට පුළුවන්. මේක ඔයාගෙ YouTube ආදායමඉහළ නංවාගැනීමට භාවිතා කළ හැකි අත්‍යාවශ්‍යම ක්‍රමවේදයක්.


ඇත්තටම YouTube Watch Hours කියන්නෙ මොකක්ද ?


YouTube නැරඹුම් කාලය කියල කියන්නේ මොකක්ද, ඒක ගණනය කරන්නෙ කොහොමද කියන එක අපිට පැනනැගෙන මූලික ප්‍රශ්නයක්. ඉතින් අපි බලමු මේ YouTube නැරඹුම් කාලය කියන්නෙ මොකක්ද කියල.


නැරඹුම් කාලය කියල අදහස් කරන්නේ, කවුරු හටි කෙනෙක් වීඩියෝවක් නැරඹීමට ගත කරන සමුච්චිත කාලයයි. YouTube එකේ පළකරන සෑම වීඩියෝවකටම නැරඹුම් කාල ගණනක් ඇති අතර, ඒක ඔයාගෙ channel එකෙත් සමස්ථ නැරඹුම් කාල ගණනට දායකවෙනවා.


ඔයාගෙ channel එකේ නැරඹුම් කාලය, මුදල් උපයා ගැනීමට ගණනය කිරීම සඳහා, ඔයා අඛණ්ඩව මාස 12ක් තුළ නැරඹුම් පැය4000ක් ලබාගන්න ඕන. ඒ වගේම තමයි කලිම් අවුරුද්ද තුළ ප්‍රේක්ෂකයන් විසින් ඔයාගෙ වීඩියෝ නරඹලා තියෙනවා නම්, එම වීඩියෝස්අන්තිම මාස 12 තුළ නැවත upload කරන්න ඕන නෑ.


ඒ වගේම, watch time එකතු කරන්න පුළුවන් වෙන්නේ සමහර වීඩියෝස් සඳහා පමණක් වීම ද YouTube channel එකක් කරන අපිදැනගත යුතුම කරුණක්. මෙන්න මේ හේතුව නිසා, ඔයා upload කරන වීඩියෝස් private ලෙස සකස් කිරීමෙන් වැළකෙන්න. YouTube watch time සකස් කර ගැනීමට ප්‍රධානතම සුදුසුකම මෙය වන නිසා ඔයාට public watch hours 4000ක් ලැබෙන බවට ඔයාසනාථ කරගන්න ඕන.


YouTube partner program (YPP) එකත් එක්ක සම්බන්ධ වෙන්න ඔයාට පැය 4000ක්තියෙන්නම ඕනද?


YouTube partner program එකත් එකත් සම්බන්ධ වෙන්න ඔයාට පැය 4000ක් තිබීම අත්‍යාවශ්‍ය වෙන්නෙ නෑ. ඔයා සතුවYouTube watch time පැය 3000ක් තියෙනව නම් YPP වෙත පිවිසෙන්න ඔයාට හැකියාව ලැබෙන අතර රසික අරමුදල් හරහාඔයාගෙ වීඩියෝස් වලින් මුදල් උපයාගන්න ඔයාට පුළුවන්. YPP සමඟ සම්බන්ධ වෙන්න නම් Super chats, Super thanks සහsubscribers වැනි අවම අවශ්‍යතා සම්පූර්ණ කළ යුතු අතර, දැන්වීම් ආදායමක් උපයාගැනීමට නම් ඔයාට පැය 4000ක් අවශ්‍ය බවමතක තබා ගන්න.


ඔයාගෙ channel එකේ watch time එක හොයාගන්නෙ කොහොමද?


විශේෂයෙන්ම ඔයාගෙ වීඩියෝස් බලන අයගේ අවධානය නොවෙනස්ව තබා ගැනීමට උපාය මාර්ගයන් භාවිතා කිරීමේදී, ඔයා මේ වන විටඑකතු කරන් තියෙන watch hours ගාන දැනගැනීම අත්‍යාවශ්‍යයි. ඔයා මෙතෙක් එකතු කරන් තියෙන watch hours ගාන කීයක්දකියල පහළින් සඳහන් කරල තියෙන පියවර අනුගමනය කිරීමෙන් ඔයාට දැනගන්න පුළුවන්.


01. YouTube studio එකට ගිහින් වම් පැත්තේ navigation bar එකේ earn ක්ලික් කරන්න.

02. "Become a partner" පිටුවට ගිහින් "How to join" කියන එක හමුවෙනකන් පහළට යන්න. එතනදී, ඔයාගෙ channel එකේwatch hours කීයද කියල ඔයාට දැකගන්න පුළුවන්.

YouTube watch hours වැඩි කරගන්න use කරන්න පුළුවන් උපක්‍රම :


ඔයා දැනටමත් දන්නවා, ඔයාගෙ channel එකේ watch hours කීයද, ඒවා වැඩි කරගන්න ඕනද නැත්තම් නොවෙනස්ව තබාගන්නඕනද කියලා. ඉතින්, පහළින් දැක්වෙන උපක්‍රම භාවිතා කරලා ඔයාට පුළුවන් සාර්ථක ඉපයීමක් වෙත ලේසියෙන්ම ගමන් කරන්න.
 

01. YouTube එකේ කතන්දර කීමේ කලාව ප්‍රගුණ කරන්න.


නරඹන අය නිරන්තරයෙන්ම ඔයාගෙ වීඩියෝවත් එක්ක සම්බන්ධ කරගැනීම සඳහා මේ උපක්‍රමය බොහෝ සෙයින් වැදගත් වන අතර, ඔයාට ඒ හරහා YouTube එකේ watch hours වැඩි කරගන්න පුළුවන්. නරඹන්නන්ගේ අවධානය නිරන්තරයෙන් ම ආකර්ෂණයකරගන්න වගේම වීඩියෝ එක ඉවර වෙනකන්ම ඔවුන්ව වීඩියෝව තුළ රඳවා තබා ගන්න නම් ටිකක් emotional දර්ශන සහිතව ඔයාගෙවීඩියෝව නිර්මාණය කරන්න උත්සාහ කරන්න.


මේක ඵලදායීව කිරීම සඳහා ඔයාට අංශ තුනක් නිවැරැදිව ප්‍රගුණ කරන්න වෙනවා.


මාතෘකාව සහ thumbnail එක නරඹන අයට ක්ලික් කිරීමට ආස හිතෙන විදිහට ආකර්ෂණීයව සකස් කරන්න. නරඹන අයට වීඩියෝව අවසන් වන තුරු නැරඹීමට ආස හිතෙන විදිහට, වීඩියෝ එක voice over එකක් එක්ක පළ කරන්න. නරඹන්නන්ගේ චිත්තවේගීය සම්බන්ධතාව නිතරම රඳවා තබා ගන්න නම් එයාලගේ හැඟීම් දනවන වීඩියෝස් නිර්මාණය කරන්න.



02.Pattern interrupters එක්ක සම්බන්ධතාවය වැඩි කර ගන්න.


හොඳ කතාවක් හරහා ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනාගන්න පුළුවන් උනාට, watch time වැඩි කරගන්න නම් ඒ කතාව කොහොමදහදන්නෙ කියන එක ඉතා වැදගත්. මේකට pattern interrupters තමයි හොඳම උදාහරණය. මේවා use කිරීමෙන් වීඩියෝ එකගොඩක් රසවත් එකක් කරගන්න ඔයාට පුළුවන්.


Important : YouTube එකේ pattern interrupters කියල කියන්නේ ප්‍රේක්ෂකයන්ගේ හිතේ ඇති වන වර්තමාන සිතුවිල්ලක් වෙනස්කරන්න සමත් වන ශ්‍රව්‍යමය හෝ දෘෂ්‍යමය තත්වයක්. මේවා උචිත පරිදි භාවිතා කිරීම මඟින්, ප්‍රේක්ෂකයන්ගේ හිතේ ඇතිවන "මේවීඩියෝ එක දැන් බැලුව ඇති. අයින් වෙන්න ඕන!" කියන සිතුවිල්ල නවත්වා, ප්‍රේක්ෂකයන්ව වීඩියෝ එකේ අවසානය දක්වාම රැගෙනයන්න ඔයාට පුළුවන්.


YouTube එකේ pattern interrupters වලට උදාහරණ :

Shifting camera angles

Graphics or images

Changes in music

Occasional text

Scene changes

Sound effects

Jump cuts

B-roll

03.වීඩියෝ එකක් අවසන් වන තුරුම එක එක ජාතියේ captions use කරන්න.


Captions use කිරීමෙන් ඔයාට පුළුවන් ප්‍රේක්ෂකයන්ගේ අවධානය නිරන්තරයෙන්ම ඔයාගෙ වීඩියෝ එකේම රඳවලා තියාගන්න. වීඩියෝඑක ඉවරවෙනකන්, එක එක captions එකතු කරල තියෙන එකෙන්, වීඩියෝ එකට සවන් දෙන්න කැමති නැති අයගේ හරි එහෙමනැත්තම් යම් යම් ශ්‍රවණාබාධ වලින් පෙලෙන අයගේ හරි පීඩනය අඩු කරලා එයාලවද වීඩියෝ එක ඉවරවෙනකන් තියාගන්න ඔයාට හැකිවෙනවා.


මීට අමතරව, ඔයාගෙ channel එකේ බහු සංකෘතික ප්‍රේක්ෂකයන් ඉන්නව නම්, captions use කරන එක ඔවුන්ට ඒ වීඩියෝ එකතේරුම් ගැනීම ලේසි කරවනවා. ඒ කියන්නෙ, අන්තර්ජාතික ප්‍රේක්ෂකයන්ට උනත් ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් වෙන නිසා ඔයාගෙwatch time එක ඉතාමත් ලේසියෙන් වැඩි කරගන්න මේ මඟින් ඔයාට පුළුවන්.


04.වීඩියෝ එක ඉවර වෙනව කියල ප්‍රකාශ කරන්නෙ නැතුවම ඉවත් වන්න.


ඔයාගෙ වීඩියෝ එක අවසානය කරා ආවට පස්සෙ, ඒක voice මඟින් කියන එකෙන් වැළකිලා ඔයාට පුළුවන් ප්‍රේක්ෂකයන්ට දැනෙන්නෙනැති විදිහට voice කරන එක නතර කරන්න. මොකද, වීඩියෝ එකේ අවසානය මේක කියල අහපු ගමන්ම ගොඩක් අය වීඩියෝ එකෙන්අයින් වෙනවා. මේක නිසා ඔයාගෙ වීඩියෝ එකේ watch time අඩු වෙන්න පුළුවන්. වීඩියෝ එක ඉවර වෙනකොට කවදාවත් මේ වීඩියෝඑක ඉවර කරන්නයි යන්නෙ කියල නරඹන අයට දන්වන්න එපා! උදාහරණ ලෙස පහළින් දක්වල තියෙන වාක්‍ය කණ්ඩ වීඩියෝ එක ඉවරවෙද්දි ප්‍රකාශ කිරීමෙන් වැළකෙන එක හොඳයි.


"ඔයා මෙම වීඩියෝ එකට කැමති නම්"
"මේ සේරම අදහස් අනුගමනය කරන්න"
"අපි තවත් වීඩියෝවකින් නැවත හමුවෙමු"
"වැඩි විස්තර දැනගැනීමට අපිව subscribe කරන්න"

උඩින් දක්වල තියෙන්නෙ උදාහරණ කීපයක් විතරයි. ඒ වගේ වාක්‍ය කණ්ඩ use කිරීමෙන් වැළකී සිටීම හොඳයි. ඒ කියන්නෙ, වීඩියෝඑකේ අවසානය මේක කියලා ප්‍රේක්ෂකයන්ට දැනෙන්නට කලින්ම voice කරන එක නවත්තන්න.


05.Evergreen content එකට අනුව වීඩියෝස් සකස් කරන්න.


Evergreen content එකට අදාළ වීඩියෝස් අවුරුද්ද පුරාම ජනප්‍රියයි. ඒක නිසා, watch time වැඩි කරගන්න නම් ඒ වගේ වීඩියෝස්තමයි අපි හදන්න ඕන.ඒ කියන්නේ, අපිට පේනව වගේ evergreen content එකට අදාළ මාතෘකා ගොඩක් ප්‍රේක්ෂකයන් search කරනවා. ඒක මඟින් ඇතිවන ජනප්‍රියත්වය හරහාම අපිට අපේ watch time එක වර්ධනය කරගන්න පුළුවන්.


06.YouTube live stream පවත්වා ගන්න.


Live වීඩියෝස් වලින් ඔයා ලබාගන්නා watch time, ඔයාගේ watch hours 4000 ගණනය කරන්න යොදාගන්නවා. ඒක නිසා පුළුවන්තරම් live විදිහට ඔයාගෙ ප්‍රේක්ෂකයන් එක්ක සම්බන්ධ වෙන්න තමයි ඔයා උත්සාහ කරන්න ඕනෙ. මේක ඔයාගෙ watch time එකසීඝ්‍රයෙන් වර්ධනය කරගන්න කදිම ක්‍රියාමාර්ගයක්.


ඔයාට YouTube channel එකේ watch time එක හදාගන්න මාස 12 ක වගේ කාලයක් තියෙනකොට live Streaming try කරලාබලන්න. එතකොට ඔයාට අවම වශයෙන් subscribers ලා 100 ක් හරි ඊට වඩා වැඩි ගණනක් හරි, ඔයාගෙ live streams නරඹන්න පැමිණේවි. මේක නිසා ඔයාගෙ channel එකේ watch time එක වැඩිවෙන්න පුළුවන්.



07.Playlist එකක් මඟින් watch time එක හදාගන්න.


මිනිස්සු Netflix එකේ පැය ගණන් වීඩියෝ නැරඹන එකේ රහස මොකක්ද? ඒකට හේතුව තමයි එයාලගෙ වැඩසටහන් playlist මඟින්ව්‍යුහවත් කර තියෙන එක. මේකෙදි ඔයත් අනුගමනය කළ යුත්තේ මෙන්න මේ playlist උපක්‍රමයයි. ප්‍රේක්ෂකයන් බලන වීඩියෝස් වලටsimilar වීඩියෝස් playlist මඟින් ඉදිරිපත් කරලා ඔයාට පුළුවන් ප්‍රේක්ෂකයන්ව වැඩි වෙලාවක් ඔයාගෙම වීඩියෝස් තුළ රඳවලාතියාගන්න.


මෙන්න මේ ක්‍රමවේදය ඔයාගෙ YouTube channel එකටත් try කරල බලන්න. ඒක අනර්ඝයි. ප්‍රේක්ෂකයන්ට වැඩිම කාලයක් අදාළකරවන මාතෘකා අනාවරණය කරගෙන, ඒවාට අදාළ වීඩියෝ 10ක් හරි ඊට වඩා වැඩි ගානක් එකතු කරල playlist එකක් හදන්න. මේකඔයාගෙ watch time එක ලේසියෙන්ම ඉහළ දමන ක්‍රමවේදයක්!


08.අනෙකුත් social media වල ඔයාගෙ channel එක ප්‍රවර්ධනය කරන්න.


අද වෙද්දි, ඔයාගෙ සාර්ථකත්වය කරා යන්න, අන්තර්ජාලයේ විවිධ මට්ටම් වලින් වර්ධනයක් සිදුකරගැනීම අනිවාර්ය වෙනවා. ඔයාටසමහර social media වල ඔයාගේ ප්‍රවර්ධන කටයුතු සිදු කරන්න තරමක් අමාරු උනත් පුළුවන් උපරිමයෙන් ඔයාගේ අන්තර්ගතයගොඩක් ලොකු පරාසයකට පැතිරවීම ඔයාට ගොඩක් වැදගත්. ඔයා Facebook, Instagram, Twitter, TikTok වගේ අනිත් social media වල ඔයාගෙ YouTube වීඩියෝවන් ප්‍රචාරණය කිරීමෙන්, අලුත්ම ප්‍රේක්ෂකයන්ට ඔයාගෙ වීඩියෝ වෙත ළඟාවීමේ හැකියාව වැඩිකර ගන්න පුළුවන්.



09.End Screens use කරල නරඹන වේලාව වැඩි කරන්න.


YouTube End Screens කියල කියන්නේ වීඩියෝ එකක අන්තිම විනාඩි 5-20 ත් අතර පේන සජීවී අවසාන පිටු වේ. එම පිටුවට ක්ලික්කරන්න පුළුවන් ඕනෑම අංගයක් ඔයාට ඒ පිටුවට එකතු කරන්න පුළුවන් වගේම website links, subscribe buttons, හරි ඔයාටප්‍රවර්ධනය කරන්න උවමනා YouTube channel එකක් හරි ඒ අතරට ඇතුළත් කරන්න පුළුවන්. ඒ වුණාට, ඔයාට watch time එකවැඩි කරගන්න ඕනෙ නම්, ප්‍රේක්ෂකයන්ට ඔයාගෙ අනෙක් අන්තර්ගතයට යන්න “මග පෙන්වීම” ගොඩක් උචිතයි.


ඒ කියන්නෙ, outro එකක් හදලා වීඩියෝ එක ඉවර කරන එකට වඩා, හොඳයි අන්තිම කරුණ පැහැදිලිව කතාකරමින් ඉක්මනින් End Screen එකකට පෙරළීම සිදු කරන එක. එතකොට ප්‍රේක්ෂකයන්ව තව වීඩියෝ එකක් හරි ඔයාගෙ අනිත් අන්තර්ගතයක් හරි නැරඹීමටයොමු කරන්න ඔයාට පුළුවන්. මේක ඔයාගේ watch time වැඩි කරගන්න හොඳම ක්‍රමයක්. ඒ මඟින් නරඹන අය වීඩියෝ එකෙන් අයින්වෙන්න මඟපෙන්වීමකින් තොරවම අලුත් අන්තර්ගතයට මාරුවීම ස්වයංක්‍රීයව සිදුකරනවා.



10.නොනවත්වා වීඩියෝස් upload කරන්න.


YouTube වල කාර්යය තමයි ප්‍රේක්ෂකයන්ගේ නැරඹුම් ඉතිහාසය හා අනෙකුත් සාධක සංසන්දනය කිරීමෙන් ප්‍රේක්ෂකයන් ට නිවැරදි සහඋචිත අන්තර්ගතයන් යෝජනා කිරීම. ඔයා නිතරම අලුත් අලුත් වීඩියෝස් upload කරනවා නම්, YouTube හි algorithm මඟින් ඔයාගෙඅන්තර්ගතය ප්‍රේක්ෂකයන්ට ඉක්මනින් යෝජනා කරනවා. ඉතින් ඒක ඔයාට ලොකු වාසියක්.


ඔයාගෙ channel එකේ නිතර අලුත් වීඩියෝස් upload වෙලා නැත්නම්, YouTube algorithm වලින් ඔයාගෙ වීඩියෝස් ප්‍රේක්ෂකයන්ටඉදිරිපත් කරන්නෙ නෑ. ඒ නිසා, ඔයාට පුළුවන් හැම දවසකම වීඩියෝ එකක් upload කරන්නට උත්සාහ කරන්න. එතකොට ඔයාටපුළුවන් ප්‍රේක්ෂකයන්ව නිරන්තරයෙන්ම ඔයාගෙ channel එකේ රඳවා තියාගන්න.